Thursday, March 14, 2013


         මෙන්න තවත් Tricks කෑල්ලක් කියල දෙන්නයි යන්නේ... ඔය කට්ටිය ඔය එක එක දේවල් Torrnet වලින් බානව ඇතිනේ.. ඉතින් ඔය ඕන එකක් බාගන්න Seeders, Trackers එහෙම තියෙන්න ඕනි නේ.
 අන්න ඒව ටිකක් දාගන්න හැටි අද අපි බලමු.


          මේක මම කරන්නේ BitTorrent වල. අනිත් Torrent Client software වලත් අනිව තියනවා. මේක කරන්න කලින් පොඩි Text File එකක් බාගන්න ඕනි. ඒකෙ තමා ඔය දාන්න යන Trackres List එක තියෙන්නේ. ඔන්න එහෙනම් බාගන්නකෝ....



1. මුලින්ම ඔයාලගෙ බාගන්න ඕන මෙවුව එකේ Torrent File එක Torrent Client software භාවිතයෙන් විවෘත කර ගන්න.
2. පස්සේ පල්ලෙහ තියන පින්තූරෙ විදිහට Trackers කියන ටැබ් එක ක්ලික් කරන්න. 
( පින්තූර පොඩි නම් ලොකු කරගන්න ක්ලික් කරන්න හොඳේ )
3. ඊටත් පස්සේ එන ලිස්ට් එකේ පැත්තකින් Right click කරල Add tracker... කියන එක ක්ලික් කරන්න.
4. ඊට පස්සෙ එයි පොඩි වින්ඩෝ එකක්. ඒකෙ වැඩ කරන්න කලින් අර මං බාගන්න කියුව Text file එකේ තියන Trackers list එක කොපි කරගන්න.
5. අන්තිමට ඉතින් ඔය යට පින්තූරෙ විදිහට අර කොපි කරගත්ත Trackers List එක අර වින්ඩෝ එකේ ඇති Trackers List එකට යටින් පේස්ට් කරන්න. ( සැ.යු. - එහි කලින් තිබෙන Trackersලා Delete නොකරන්න, Trackersලා පේස්ට් කරන විට එක Tracker කෙනෙකුට යටින් ඉඩක් තියා පේස්ට් කරන්න, Text file එකේ ඇති පරිදිම.)
පස්සේ ඉතින් OK කරන්න.

මෙන්න වැඩේ හරි. ඕකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? ඕකෙන් මං හිතන විදිහට අලුත් Seedersල හොයල දෙනව. අර Text file එකේ Trackersල බර ගාණක් ඉන්නව. ඔය ඔක්කොමනම් වැඩ කරන්නේ නැති  වෙයි. ඒත් 20ට වඩා අනිව වැඩ. ඔය ටික දාපුවහම Download වෙන එක Speed වෙන.... 


එහෙනම්,ලියපු පෝස්ට් එක ගැන අදහසක් ලියලම යන්න. Share පාරකුත් දෙන්න. Like එකකුත් දෙන්න.ඒක මට කරන ලොකු උදව්වක්...

0 comments:

Post a Comment